22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා ආණ්ඩුව ව්‍යවස්ථානුකූල සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් අනුගමනය කළ බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (25) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඔහු සඳහන් කරන ලද්දේ, අදාළ සංශෝධනය අගෝස්තු 7 වැනිදා ගැසට් කර, අගෝස්තු 10 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවය.
අගෝස්තු 16 සිට 31 දක්වා පෙත්සම් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී තිබූ අතර, එම කාලය තුළ පෙත්සම් 73ක් ඉදිරිපත් වූ බවත් සැප්තැම්බර් 1 සහ 2 යන දිනවල ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අදාළ පෙත්සම් විභාග කොට පසුව අධිකරණ තීන්දුව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන් බවත් ඔහු සඳහන් කළේය.
මේ වනවිට පාර්ලිමේන්තුවේ දින දෙකක විවාදයක් පැවැත්වීමට අවස්ථාව ලබාදී ඇති බවත්, ඉන් අනතුරුව ඡන්ද විමසීමක් පැවැත්වෙන බවත් නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ව්‍යවස්ථා සංශෝධනයක් ව්‍යවස්ථානුකූලද යන්න තීරණය කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම පවතින ව්‍යවස්ථානුකූල ක්‍රමවේදය බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>





