22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් ආණ්ඩුවේ බලය පවත්වාගෙන යාමට කිසිදු බලපෑමක් නොමැති බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක අද (25) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඔහු සඳහන් කරන ලද්දේ, අධිකරණය හෝ නීතිය නමා ඒකාධිපතිත්වයක් කරා යාමට ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවට්

එමෙන්ම, ඉදිරි මැතිවරණයකදී ජනතාව ලබාදෙන තීරණය අනුව ආණ්ඩුවේ ජනවරම පිළිබඳ තීරණය වනු ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

මෙරට මින් පෙර සිදු කළ ව්‍යවස්ථා සංශෝධන බොහෝමයක් බලයේ සිටි පාලකයන්ගේ ධුර කාලය හෝ පාර්ලිමේන්තු කාලය දීර්ඝ කර ගැනීම අරමුණු කරගත් ඒවා බවට චෝදනා කළ ඔහු
වත්මන් 22 වැනි සංශෝධනය අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සඳහා පමණක් අදාළ වන බව වැඩිදුරටත් සඳහන් කළේය.

ජනතාව අධ්‍යාපන, සෞඛ්‍ය, අස්වැසුම සහ වැටුප් ඇතුළු රජයේ වැඩපිළිවෙළ සමඟ මෙම සංශෝධනයද සමස්තයක් ලෙස සලකා බලන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර, 22 වැනි සංශෝධනය අද 25 වැනිදා පාර්ලිමේන්තුවේදී විශේෂ බහුතරයකින් සම්මත විය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>