රාජ්‍ය සේවයේ දීමනා සම්බන්ධයෙන් ගැටලු පවතින බැවින්, ඒ සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කරමින් පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ඒ “රටම එකට” ජාතික මෙහෙයුමේ නුවරඑළිය දිස්ත්‍රික් වැඩසටහන අමතමිනි.
ඒ අනුව, අදාළ ගැටලු විසඳීමට කෙටි කාලයක් ලබාදෙන ලෙසත් 2027 වසරේදී තෙවන වැටුප් වර්ධකය සිදු කිරීමට නියමිත බැවින්, ඉන් පසුව රාජ්‍ය සේවයේ අනෙකුත් දීමනා ද ලබාදීම සම්බන්ධයෙන් සැලකිල්ලට ලක් කරන බව ජනධිපති සඳහන් කරන ලදී.
රාජ්‍ය සේවකයා සඳහා තෘප්තිමත් ජීවිතයක් ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු සිදු කිරීමට කටයුතු කරමින් සිටින බව ද එහිදී අදහස් දක්වමින් රජය ගෙන ගිය ශක්තිමත් ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් දිට්වා සුළි කුණාටුව නිසා රටේ ආර්ථිකයට සිදු වීමට තිබූ විශාල හානියකින් මිදීමට හැකි වූ බවත් එතුමා ප්‍රකාශ කරන ලදී.







