විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කරන “රටම එකට” ජාතික මෙහෙයුමේ මධ්‍යම පළාත් වැඩසටහන සඳහා අද (11) පස්වරුවේ නුවරඑළිය නගරයේදී පැවැත්විණි.

වැඩසටහන අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරන ලද්දේ රට ගොඩ නඟමින් යන ගමනේදී, ක්ෂේත්‍ර කිහිපයක ජයග්‍රහණ අත්පත් කර ගත යුතු බවත්, ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීම, ශක්තිමත් විදෙස් ප්‍රතිපත්තියකට අවතීර්ණ වීම, ශක්තිමත් රාජ්‍ය සේවයක් හා නීතියේ විධානයේ ආධිපත්‍යය ද තහවුරු කළ යුතු බවය.

ඒ අනුව ‘නීතිය ඉදිරියේ සියලු දෙනා සමානයි’ යන වැකියට 2026 වසර තුළ පණ ලබාදීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා සඳහන් කරන ලදී.

බලය විසින් හෝ ධනය විසින් හෝ නීතියෙන් ගැලවිය හැකි බවට විශ්වාසයක් ගොඩනැඟීම යහපත් නොවන බවත්, ජනතාව තුළ ද සාධාරණව නීතිය ඉටු වන බවට විශ්වාසයක් ගොඩනැගිය යුතු බවත් ජනධිපති මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.