‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ, ශ්‍රී ලංකා පොලිසිය විසින් ඊයේ (13) දිනයේදී මත්ද්‍රව්‍ය වැටලීම් 851 ක් සිදු කර තිබෙනවා. එහිදී සැකකරුවන් 816 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර 05 දෙනෙක් පුනරුත්ථාපනයට යොමු කර ඇත.

හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා සිදු කළ වැටලීම් 285 කින් හෙරොයින් ග්‍රෑම් 288 ක්ද අයිස් මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා සිදු කළ වැටලීම් 326 ක් අතරින් අයිස් ග්‍රෑම් 450 ක්ද සොයාගෙන ඇති බවද සඳහන් වේ.

මීට අමතරව, වැටලීම් 192 කින් ගංජා ග්‍රෑම් 511 ක් හා ගංජා පැළ 685 ක්ද සොයාගෙන ඇති බව වැඩි දුරටත් සඳහන් වේ.