සංජය මහවත්ත

මිහින්තලේ අනුලා චෛත්‍ය දේවාල හා නින්දගම් පනත යටතේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මේකේ පාලන බලතල සියල්ලම මිහින්තලේ මහා විහාරයට තමයි භාර දීලා තියෙන්නේ.

පහුගියදා මේකේ යම්කිසි වෙනසක් සිද්ධ කරලා තියෙනවා. මේ වෙනස සිද්ධ කරන්න මූලික හේතුව, කරුණු කාරණා වෙලා තියෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. මේ සෑයේ යම්කිසි සංවර්ධන කටයුත්තක් කරනවාය යන මුවාවෙන් මේ සෑය භාර අරගෙන තවත් ස්වාමීන් වහන්සේ නමකට පවරලා දීලා තියෙනවා.

පුරාවිද්‍යා නිලධාරීන්ට හෝ වෙනත් කිසිම කෙනෙක්ට දේවාල නින්දගම් පනත අභිබවා යන්න බෑ. මේ ආකාරයට රජය කටයුතු කරනවා නම්, සඟසතු දේපල වෙනත් කටයුතු සඳහා, වෙනත් අයට දෙන්න කටයුතු කරනවා නම් ඒ සඳහා වහාම පරීක්ෂණයක් පවත්වන්න.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>