2027 වසරේ සිට පෙර පාසල් සඳහා නව විෂය නිර්දේශයක් හදුන්වා දෙන බව අග්රාමාත්ය ආචාරිනී හරිනි අමරසූරිය ප්රකාශ කරන ලදී.
ඒ සඳහා ගුරුවරුන්ට විශේෂ පුහුණු වැඩසටහන් ක්රියාත්මක කරන අතර නියාමන අධිකාරියක් මගින් සියලු පෙර පාසල් නියාමනය කිරීමටත් කටයුතු කරන බවද එතුමිය සඳහන් කළාය.
එතුමිය මේ බව පැවසූයේ අම්බලන්තොට ප්රාදේශීය සභා ශ්රවනාගාරයේ පැවති හම්බන්තොට දිස්ත්රික් පෙර පාසල් ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනේදීය.
2024 දී රට භාර ගත් විට ණයගැතිභාවයෙන් මුදා ගැනීම ප්රධාන අභියෝගයක් වූ අතර 2025 වන විට රට ආර්ථික වශයෙන් යම් ස්ථාවර මට්ටමකට ගෙන ඒමට හැකි වූ බවද එතුමිය මෙහිදී අවධාරණය කළාය.
මැදපෙරදිග යුද්ධය නිසා විදේශ සේවකයින්ගේ ආදායම් හා සංචාරක පැමිණිම අඩු වී ඇති අතර ඉන්ධන ප්රවාහනයේ ගැටළුත් රටට බලපෑම් එල්ල කර ඇති බවත්,
යුද්ධය දිගටම පැවතුනොත් විශාල බලපෑමක් ඇතිවිය හැකි බැවින් වියදම් අවම කරමින් ආර්ථිකය කළමනාකරණය කළ යුතු බවද ඇය අවධාරණය කළාය.
අග්රාමාත්යතුමිය වැඩිදුරටත් පැවසුවේ, සියලු පෙර පාසල් විධිමත් ලෙස ලියාපදිංචි කිරීම, ගුරුවරුන්ට ඩිප්ලෝමා මට්ටමේ විෂය මාලාවක් සකස් කිරීම, වැටුප් තලයක් පිහිටුවීම සහ වෘත්තීයභාවය වර්ධනය කිරීම සඳහා පියවර ගන්නා බවයි.





