ජිනීවා නුවර පැවැත්වුණු 79 වන ලෝක සෞඛ්‍ය සමුළුවට (WHA) සමගාමීව, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) පිළිකා මර්ධන වැඩසටහන් අධ්‍යක්ෂිකා ලීසා ස්ටීවන්ස් මහත්මිය ඇතුළු නිලධාරී කණ්ඩායම සමඟ විශේෂ සාකච්ඡාවකට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස එක් විය.
මෙහිදී 2025 වසරේදී IAEA ලබාදුන් ‘imPACT Review’ ඇගයීම් වාර්තාවේ නිර්දේශ ශ්‍රී ලංකා රජයට සහ අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි ප්‍රගතියට බෙහෙවින් ප්‍රයෝජනවත් වූ ආකාරය පිළිබඳව ඔහු මෙහිදී අගය කළේය.
එමෙන්ම, ශ්‍රී ලංකාවේ පිළිකා සත්කාරක සේවාවන් තවදුරටත් පුළුල් කිරීම, න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාව නංවාලීම සහ විකිරණ ආරක්ෂණ ප්‍රමිති ඉහළ නැංවීම ඇතුළු ක්ෂේත්‍ර රැසකදී IAEA ආයතනය සමඟ පවතින සහයෝගීතාව ඉදිරියටත් තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව අපි මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.





