ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ආගමික, සංස්කෘතික හා අධ්‍යාපනික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අදාළ විශේෂ සාකච්ඡාවක් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වුණි.
මේ සඳහා ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නයාර් නසීර් මහතා සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා එක්වූහ.
මෙම හමුවේදී දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම ප්‍රධාන අරමුණ විය.
ආගමික හා සංස්කෘතික සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම, අධ්‍යාපනික අවස්ථා පුළුල් කිරීම, තරුණ හා ශිෂ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලදී.
මෙම අවස්ථාවට පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් බිලාල් ඛාන් මහතා, අතිරේක ලේකම් ධම්මිකා විජයසිංහ මහත්මිය, ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් එල්.වී. හෙට්ටිආරච්චි මහතා සහ අමාත්‍යතුමාගේ මහජන සම්බන්ධතා නිලධාරී කල්ප ඉසුරු මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
මෙම සාකච්ඡාව දෙරට අතර ආගමික, සංස්කෘතික හා අධ්‍යාපනික සබඳතා නව මට්ටමකට ගෙන යාමට වැදගත් පියවරක් ලෙස සැලකේ.





