ඊයේ (23) දින පැවැති රජයේ විශේෂ මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්. යූ. වුට්ලර් මහතා ප්‍රකාශ කළේ,
උතුරු පළාතේ යතුරු පැදිවල ආරක්ෂක හිස් වැසුම් නොමැතිව ධාවනය කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා පළ වූ වීඩියෝවක් පිළිබඳව මුලතිව් කොට්ඨාශ භාර නිලධාරිය විසින් මූලික විමර්ශනයක් ආරම්භ කළ බවයි.
ඒ අනුව, යතුරු පැදිවල සහ පුද්ගලයන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීමේදී යම් බාධා තිබුණද, කොට්ඨාශ භාර නිලධාරියා සැලසුම් සහගතව ක්‍රියා කළ බවත්,
මේ වනවිට නීති විරෝධී ලෙස මෙය සිදු කළ පුද්ගලයන් හඳුනාගෙන, අද උදෑසනදී කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය ප්‍රකාශ කළේය.
පොලිසිය වැඩිදුරටත් පැවසූයේ, ලංකා දණ්ඩ සංග්‍රහයේ 272 වගන්තිය යටතේ ආරක්ෂක හිස් රැසුන් නොමැතිව යතුරු පැදි ධාවනය කිරීම, පසු පැදිකරු ආරක්ෂක හිස් රැසුන් නොමැතිව සිටීම, සහ අනාරක්ෂිත ලෙස මෝටර් රථ ධාවනය කිරීම වැනි වරද සඳහා අදාළ පුද්ගලයන් අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන බවයි.
ඒ අනුව, උතුරේ හෝ දකුණේ වාහන ධාවනය කරන සියලුම පුද්ගලයන්ට නීති රීති පිළිපදිමින් ආරක්ෂක හිස් වැසුම් භාවිතා කිරීමට පොලිසිය අවධාරණය කළේය.





