බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට නොවැම්බර් 10 වැනිදා මිලිමීටර් 100 ඉක්මවන තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද පෙරවරු 5.30ට නිකුත් කළ අනාවැකිය අනුව උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරේ.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර හා කුරුණෑගල දිස්ත්‍රික්කවලත් අලුයම් කාලයේ මීදුමද පැවතිය හැකිය.