පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ තුන්නමක් අනුරාධපුර රුවන්වැලි සෑය අභියස දන්සල් භූමියේදී අද (11) පෙරවරුවේ මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.
අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියට එරෙහිව පසුගිය 7 වැනිදා සිට එම ස්ථානයේ සත්‍යග්‍රහයක නිරතව සිටි භික්ෂූන් වහන්සේ පිරිසක් මෙලෙස මාරාන්තික උපවාසයකට යොමු වී ඇත.
අදාළ ස්ථානයෙන් ඉවත් වන ලෙසට අධිකරණ නියෝගයක්ද නිකුත් කර තිබූ පසුබිමක් තුළ මෙම උපවාසය ආරම්භ කර තිබීම විශේෂත්වයකි.
මේ අතර, කොළඹ දිසා අපරාධ කොට්ඨාසයට අද දින පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට පූජ්‍ය කස්සප හිමිට දැනුම්දීමක් කර තිබූ බවද වාර්තා වේ.




