දේශපාලන විචාරක නදීෂ ද සිල්වා

සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක අතර පවතින්නට නියමිත විවාදය තමයි මේ වෙලාවේ ලංකාවේ දේශපාලන කරලියේ තියෙන ප්‍රධානම මාතෘකාව.

මේකට මුලින්ම අභියෝග කළේ සමගි ජන බලවේගය විසින් ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුවේ සාමාජිකයොන්ට. නමුත් මේක ජාතික ජන බලවේගය විසින් පොඩ්ඩක් මාරු කලා අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස අතර මේ විවාදය තියමු කියලා.

ඇත්තටම ජනතා විමුක්ති පෙරමුණ කියන දෘඩ පක්ෂයේ දෘඩ භාවය වහන්න හදලා අයිසින් දාලා හදපු එක තමයි මාලිමාව කියන්නේ. එතකොට මාලිමාව තමන්ගේ අයිසින් එක විදිහට ලංකාවේ මිනිස්සුන්ට දෙන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය.

ඉතින් ඔය දෙක අතර බරපතල ඝට්ටනයක් තියෙනවා. ඕක පුපුරනවා යම් මොහොතක. ඉතින් අන්න ඒ අර්බුධයෙන් ඒගොල්ලෝ ගැලවෙන්න ඕනේ.

දැන් මේ දවස් ටිකක් දීලා, සජිත් ප්‍රේමදාසට චැලේන්ජ් කරලා තියෙනවා. හැබැයි ආර්ථික කමිටුව අතර තිබ්බ විවාදයෙන් පැහැදිලිව ජනතා විමුක්ති පෙරමුණ නොහොත් මාලිමාව පැනලා ගියා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>