අපරාධ සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම, නඩු පැවරීම සහ නඩු විභාග කිරීම අදාළ ආයතන විසින් විධිමත්ව සිදුකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරන ලදී.
නොච්චියාගම අද (13) පැවති ‘අපේ ආණ්ඩුව: වසර දෙකයි – රටට සුබයි’ රැලියට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කරන ලද්දේ, නීතිය ක්‍රියාත්මක කිරීමේදී පුද්ගලයා කවුරුන්ද, ඔහුගේ පවුලේ සම්බන්ධතාව කුමක්ද යන්න තම රජයට අදාළ නොවන වගය.
නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට අවශ්‍ය බලතල ලබාදීම දේශපාලන අධිකාරියේ වගකීම බවත්, එම බලතල ලබාදී ඇති බැවින් මේ වනවිට අදාළ කටයුතු සිදුවෙමින් පවතින බවත් ඔහු පැවසීය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>





