ආණ්ඩුවට පමණක් රට ගොඩනැගිය නොහැකි බවත්, රට ගොඩනැගීම සඳහා වර්තමාන පරම්පරාවේ ජනතාවද කැපවීමෙන් සහ පරිත්‍යාගයෙන් යුතුව ඉදිරියට පැමිණිය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරන ලදී.
නොච්චියාගම පැවති ‘අපේ ආණ්ඩුව: වසර දෙකයි – රටට සුබයි’ ජන හමුවට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කරන ලද්දේ, වත්මන් ආණ්ඩුව ආරක්ෂා කරගැනීම සඳහා ජනතාවගෙන් ඉල්ලීමක් කිරීමට තමන් පැමිණ නොමැති බවය.
ශ්‍රී ලංකා දේශපාලන භූමියේ වත්මන් ආණ්ඩුව පෙරළීමට තරම් ශක්තියක් ඇති කිසිවෙකු තවදුරටත් නොමැති බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව ගොඩනැගීම සඳහා වර්තමාන පරම්පරාවට කැපකිරීම් කිරීමට සිදුවන බවත්, අනාගත පරම්පරාවට තමන් ජීවත් වූ කාලයේ ජනතාව මහන්සි වී රට ගොඩනැගූ බව පැවසිය හැකි පරිදි කටයුතු කළ යුතු බවත් ඔහු ප්‍රකාශ කරන ලදී.
ජනපති අනුර කුමාර දිසානායක වැඩිදුරත් සඳහන් කරන ලද්දේ, රට ගොඩනැගීම සඳහා ජනතාව ඒකාබද්ධ කරන ජනතා ව්‍යාපාරයක් ගොඩනැගීම තම අරමුණ වගය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>





