ශ්‍රී ලංකාවට ඉදිරි ඔලිම්පික් තරගාවලියකදී පදක්කමක් දිනාගැනීමේ හැකියාව පවතින බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් ගමගේ මහතා ප්‍රකාශ කරන ලදී.

ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන ජාතික මට්ටමින් සංවර්ධනය කිරීමේ අරමුණින් “Mission Olympics 2028” වැඩසටහන ආරම්භ කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එම වැඩසටහන යටතේ තෝරාගත් ක්‍රීඩකයන් කාණ්ඩ හතරක් යටතේ වර්ගීකරණය කර මාසික දීමනා ලබාදීමට කටයුතු කර ඇති අතර පුහුණුකරුවන් සඳහාද දීමනා ලබාදෙන වගත්,
තවද ක්‍රීඩකයන් 370 දෙනෙකු සඳහා මාසිකව රුපියල් 60,000ක පෝෂණ දීමනාවක් සහ පාසල් ක්‍රීඩකයන් 1,500ක් සඳහාද සහාය ලබාදෙන වග අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ජාතික මට්ටමේ දක්ෂ ක්‍රීඩකයන්ට අවශ්‍ය උපකරණ හා සහාය ලබාදීමට රජය සූදානම් බැවින්, එවැනි ක්‍රීඩකයන් සමාජ මාධ්‍ය ඔස්සේ ආධාර ඉල්ලා සිටීමේ අවශ්‍යතාවක් නොමැති බවද සුනිල් ගමගේ මහතා වැඩිදුරටත් පැවසීය.

එසේම ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව ඉදිරියට ගෙන යමින් ජාත්‍යන්තර ජයග්‍රහණ ලබාගැනීම තම අපේක්ෂාව බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>