පාතාල ක්රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා විශේෂ කණ්ඩායම් 17ක් යොදවා ඇති බවත්, විදේශගතව සිටින අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට ජාත්යන්තර පොලිසිය සමඟ එක්ව කටයුතු කරන බවත් අමාත්ය ආනන්ද විජේපාල ප්රකාශ කරන ලදී.
අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්යවරයා සඳහන් කරන ලද්දේ, පාතාල කල්ලි සහ මත්ද්රව්ය ජාවාරම්කරුවන් අතර ඇතිවන ගැටුම් හේතුවෙන් ඝාතන සිදුවන බවය.
එම ගැටුම් පාලනය කර මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ යාන්ත්රණය ශක්තිමත් කර ඇති බවද ඔහු පැවසීය.
පාතාල ක්රියාකාරකම්වලට සම්බන්ධ නොමැති දරුවන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරන බව අමාත්යවරයා සඳහන් කළේය.
සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම සඳහා නීති සංශෝධනය කරමින්, විමර්ශන පුළුල් කරමින් සහ අධිකරණ ක්රියාවලිය ශක්තිමත් කරමින් සිටින බවද ආනන්ද විජේපාල වැඩිදුරටත් පැවසීය.
සම්පූර්ණ ප්රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>




