හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ආර්ථික උපදේශකවරයකු ලෙස කටයුතු කළ දුමින්ද හුලංගමුව මහතා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාටද ආර්ථික උපදෙස් ලබාදෙන බවට කළ ප්රකාශය අසත්යයක් බව අමාත්ය බිමල් රත්නායක ප්රකාශ කරන ලදී.
අද (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්යවරයා සඳහන් කරන ලද්දේ, පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ සූරියප්පෙරුම ඉදිරිපත් කළ මෙම කරුණ නිවැරදි කළ යුතු බවය.
දුමින්ද හුලංගමුව මහතා කිසිදු අවස්ථාවක රනිල් වික්රමසිංහ මහතාගේ හෝ වෙනත් ජනාධිපතිවරයකුගේ හෝ අගමැතිවරයකුගේ ආර්ථික උපදේශකවරයකු ලෙස කටයුතු කර නොමැති බවද ඔහු පැවසීය.
හුලංගමුව මහතා ලංකා වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ විවිධ කමිටුවලට පත් වී තිබුණේ එම තනතුර හේතුවෙන් මිස හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහගේ පත්කිරීමක් අනුව නොවන බවද අමාත්යවරයා පැහැදිලි කළේය.
එමෙන්ම, දුමින්ද හුලංගමුව විසින් ප්රකාශ කර ඇත්තේ ඇත්තේ තමන් කිසියම් රජයක ආර්ථික උපදේශක තනතුරක් දරන්නේ නම්, එය වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ පමණක් බව යැයිද බිමල් රත්නායක වැඩිදුරටත් සඳහන් කළේය.
සම්පූර්ණ ප්රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>





