මඩකලපුවේ තණබිම් සම්බන්ධ ගැටලුව විසඳීම සඳහා ජනාධිපතිවරයා ලබාදුන් තීරණය මාස පහක් ගතවීත් ක්රියාත්මක නොවීම ගැටලුවක් බව අමාත්ය බිමල් රත්නායක මහතා ප්රකාශ කරන ලදී.
අද (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කරන ලද්දේ, 2026 මැයි 20 වැනිදා ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් පැවති මඩකලපුව දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අදාළ තණබිම් ලෙස භාවිත කරන ඉඩම් ගැසට් කිරීමට තීරණය කර ඇති බව දිස්ත්රික් ලේකම්වරයා දැනුම් දී ඇති බවය.
ඒ අනුව අක්කර 3,000ක පමණ තණබිම් ගැසට් කිරීමේ තීරණයක් ගෙන තිබියදීත් එය ක්රියාත්මක නොවීම පිළිබඳව ඔහු ප්රශ්න කළේය.
මෙම ගැටලුව සිංහල හා දෙමළ ජනතාව අතර ජාතිවාදී ගැටුමක් බවට පත් කිරීමට ඇතැම් කණ්ඩායම් උත්සාහ කරන බවටද අමාත්යවරයා චෝදනා කළේය. ඇතැම් පිරිස්වලට මුදල් හා වාහන ලබාදී විරෝධතා සංවිධානය කරන බවට තොරතුරු ලැබී ඇති බවද ඔහු පැවසීය.
එසේම ජනාධිපතිවරයා ලබාදුන් තීරණය ක්රියාත්මක කිරීම අදාළ රාජ්ය නිලධාරීන්ගේ ප්රධාන වගකීමක් බවද බිමල් රත්නායක මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
සම්පූර්ණ ප්රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>





