පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර ඇතිවන ගැටුම් හේතුවෙන් ඝාතන සිදුවන බවත්, ඒවා මැඩපැවැත්වීම සඳහා රජය පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරන ලදී.

අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කරන ලද්දේ, අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමේ යාන්ත්‍රණය ශක්තිමත් කර ඇති අතර, විදේශගතව සිටින අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය සමඟ එක්ව කටයුතු කරන බවය.

පාතාල ක්‍රියාකාරකම්වලට කිසිදු සම්බන්ධයක් නොමැති දරුවන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය ද අවාසනාවන්ත තත්ත්වයක් බව ඔහු සඳහන් කළේය.

සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම සඳහා නව නීති හඳුන්වාදීම, පවතින නීති සංශෝධනය කිරීම, විමර්ශන පුළුල් කිරීම සහ අධිකරණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සිදුකරන බව
එමෙන්ම පාතාල ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමේ මෙහෙයුම් සඳහා විශේෂ කණ්ඩායම් 17ක් යොදවා ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>