ශ්‍රී ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුව නඩු ගොනු කිරීමේදී දක්වන දැඩි ප්‍රමාදය හේතුවෙන් රට ජාත්‍යන්තර මට්ටමින් පවා අපකීර්තියට පත්වෙමින් ඇති බව නිලුක්ෂ කුමාර ප්‍රකාශ කරන ලදී.

ඔහු චෝදනා කරණ ලද්දේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ නඩුවට වසරකට ආසන්න කාලයක් ගතවී තිබුණද, මෙතෙක් නඩු ගොනු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව අසමත්ව ඇති බවය.

පසුගිය පාලන සමයන්හි වරප්‍රසාද ලැබූ සහ දේශපාලන කඳවුරුවලට පක්ෂපාතීව කටයුතු කළ බවට චෝදනා එල්ල වන ඇතැම් නිලධාරීන් තවමත් දෙපාර්තමේන්තුව තුළ රැඳී සිටිමින් මෙවැනි නඩු ප්‍රමාද කරවන බවට බරපතළ සැකයක් පවතින බවද ඔහු සඳහන් කළේය.

එවැනි ක්‍රියාකලාප අධිකරණ ක්‍රියාවලිය අඩපණ කරන අතර නීතියේ ආධිපත්‍යයටද දැඩි තර්ජනයක් බව නිලුක්ෂ කුමාර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>