අද (19) දින ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට 6 ශේණියේ දරුවන්ගේ දෙමාපිය පිරිසක් නිහඬ විරෝධතාවයක යෙදී සිටියහ.
ඔවුන්ගේ ඉල්ලීම වුයේ රජය විසින් හඳුන්වා දෙනු ලැබු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙල හකුලා නොගෙන මෙම වසර තුළදීම එය ක්‍රියාත්මක කරන ලෙසයි.
”අද දවසෙ මේ මොහොත වන වට මුලු ලංකාවෙම ඉන්න දෙමාපියන් අවදිවෙල ඉන්නව මේ ප්‍රශ්ණය ගැන. තව අවුරුදු කිහිපයක් යනකොට ඒ දරුවො අධ්‍යාපන සහතිකයක් අරන් එලියට යනකොට අවුරුදු 20 ක් විතර පරන අධ්‍යාපන සහතිකයක් තමයි ඒ දරුවන්ට තියෙන්නෙ. ඉතින් කරුණාකරල දැන උගත් මහත්වරුන්ට අපි කියන්නෙ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපේ දරුවන්ට ලබාදෙන්න. අපිත් හරි ආසයි මේ ලෝකෙත් එක්ක යන දරු පරපුරක් දකින්න. මේකෙ අඩුපාඩුකම් තියෙනවානම් ඒවා හදල ක්‍රියාත්මක කරවන්න.”
පියෙකු විසින් තම අදහස ප්‍රකාශ කරන ලද්දේ එලෙසිනි.
මෙයට සමගාමීව 2026 හය වසර දරුවන්ගේ දෙමව්පිය එකමුතුව ජනාධිපති සඳහා සංදේශයක් භාරදීමට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි අතර ඔවුහු ජනාධිපති මහජන සම්බන්ධතා අංශයේ අධ්‍යක්ෂක ජෙනරාල් ගමගේ මහතා සමග සාකච්ඡාවක් පැවැත්වුහ.
ජනාධිපති නිලමැදුර ඉදිරිපිට ඇති ජනාධිපති මහජන සම්බන්ධීකරණ ගොඩනැගිල්ලේදී ගමගේ මහතා සමග මෙම සාකච්ඡාව පැවත්විණි .
ඔවුන් හට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී ඇතිවන තාක්ෂණික ගැටලු පිළිබඳ අවබෝධයක් ලබා දුන් එතුමා ඔවුන්ගේ සංදේශය ජනාධිපතිතුමාට ලබා දී ජනාධිපතිතුමාගෙන් සාධනීය පිළිතුරක් ලබා දීමට පොරොන්දු විය. ඒ අනුව එම පොරොන්දුව මත ඔවුන් විසින් ඉසුරු පාය ළඟ ක්‍රියාත්මක කරනු ලැබු එම අඛණ්ඩ විරෝධතාවය අවසන් කළහ.





