පාර්ලිමේන්තුව අද (20) දින පෙරවරු 9.30ට රැස්වීමට නියමිතය.
අද පෙරවරු 9.30 සිට 10.00 දක්වා ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා කාලය වෙන් කර ඇති අතර පෙරවරු 10.00 සිට 11.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහාත්, පෙරවරු 11.00 සිට 11.30 දක්වා ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහාත් කාලය වෙන් කර තිබේ.
අනතුරුව පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා, 2025.12.15 දිනැති අංක 2467/03 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරන ලද 2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය විවාදයට ගෙන අනුමත කිරීමට නියමිත අතර ඉන්පසු පස්වරු 5.00 සිට 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේදී අසනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත.
හෙට (21) දිනද පෙරවරු 9.30 සිට 10.00 දක්වා ස්ථාවර නියෝග 22 යටතේ පාර්ලිමේන්තු කටයුතු සඳහා කාලය වෙන් කර ඇති අතර, පෙරවරු 10.00 සිට 11.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත.
පෙරවරු 11.00 සිට 11.30 දක්වා කාලය වෙන් කර ඇත්තේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහායි.
අනතුරුව පෙරවරු 11.30ට, දිට්වා සුළි කුණාටුවට මුහුණ දීමේදී පූර්ව සූදානම් නොවීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීම හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා විශේෂ කාරක සභාවක් පත් කිරීමේ යෝජනාව අනුමතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.
ඉන්පසු පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා, දිට්වා සුළි කුණාටුවෙන් පසු රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ විපක්ෂය විසින් ගෙනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ.





