ඉරාන නැවියන් නැවත එම රටට යැවීම සම්බන්ධයෙන් ශ්රී ලංකාව එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතිය (UNCLOS) සහ අන්තර්ජාතික නීතියට අනුකූලව කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්ය විජිත හේරත් පවසයි.
ඒ අනුව නවදිල්ලියේ පැවති රයිසිනා සංවාදයේදි මේ සම්බන්ධයෙන් මතු වූ ප්රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්යවරයා මේ බව ප්රකාශ කර තිබේ.
සමුද්රීය නීතියට අනුව, මුහුදේදී අනතුරට ලක් වන පුද්ගලයන් සහ නාවිකයන් බේරා ගැනීම සහ ඔවුන්ට මානුෂීය සහන සැලසීම සෑම රටක ම වගකීමක් බවත්, ශ්රී ලංකාව මෙම මූලධර්මය මත පිහිටා කටයුතු කරමින් සිටින බවත් අමාත්යවරයා ප්රකාශ කරන ලදී.




