අද (08) දින උදෑසන බුලත්සිංහල ප්රදේශයෙ විද්යාල පාරේ පිහිටා ඇති පිං ළිදක් අසලින් පොලිස් නිළධාරියෙකුට අයත් නිල හිස්වැසුමක් හමුවී තිබේ.
ප්රදේශයේ මෙම දිනවල පැවැත්වෙන සැණකෙළියකට ආරක්ෂාව ලබාදීම උදෙසා රාත්රී මුර සංචාරයේ යෙදීමෙන් අනතුරුව පොලිස් නිළධාරියෙකු විසින් තම හිස්වැසුම අමතක කර මෙසේ දමා ගොස් ඇත.
ප්රදේශවාසීන් පවසනුයේ මෙම බුලත්සිංහල පොලිස් ස්ථානයේ නිළධාරීන් පසුගිය දිනයන්හි බීමත්ව හැසිරී ඇති බවත් හිස්වැසුම අමතක කර දමා ගොස් ඇත්තේද පෙර දිනයේ මෙසේ මත්පැන් පානය කිරීමෙන් අනතුරුව බවත්ය.







