දැනට පවතින ඉන්ධන සංචිත අරපිරිමැස්මෙන් භාවිත කිරීම සියලුම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතනවල වගකීමක් බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් කාර්‍යාලය නිවේදනය කරයි.
මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී මෙරටට ඉන්ධන ආනයනය කිරීමේදී බාධා මතුවිය හැකි බැවින් මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව, අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වා ගෙනයාම තරවුරු කරනු පිණිස අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කාර්‍යාලය විසින් පනවා ඇති මාර්ගෝපදේශයන් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස දන්වා ඇත.
සියලුම රාජ්‍ය නිලධාරීන් මෙම බාහිර කම්පනයේ බලපෑම හමුවේදී මහජනතාවට අදර්ශයක් වන පරිදි කටයුතු කළ යුතු බවත් ජාතික බලශක්ති සංරක්ෂණය හා සුරක්ෂිතතාවය වෙනුවෙන් තම උපරිම සහය ලබා දීමට වගබලා ගත යුතු බවත් කාර්‍යාලය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
අදාළ මාර්ගෝපදේශයන් පහතින් දක්වා ඇත.







