කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රත්මලාන ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟළුම් ආයතනයයේ (SLITA) ඉදිකරන ලද නව තෙමහල් බහුකාර්ය ගොඩනැඟිල්ල සිසු අයිතියට පත්කරන ලදී.
ඒ ඊයේ (23) දින කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙනි.
පේෂකර්ම හා ඇඟළුම් ක්ෂේත්‍රයේ උසස් අධ්‍යාපනය හා පුහුණුව වර්ධනය කරමින් ක්ෂේත්‍රය තුළ කුසලතා සංවර්ධනය කිරීමේ අරමුණින් ඉදිකළ නවීන පහසුකම්වලින් සමන්විත මෙම නව තෙමහල් බහුකාර්ය ගොඩනැඟිල්ල පරිගණක 150 කින් සමන්විත CAD රසායානාගාරයක්, අංගසම්පූර්ණ නිර්මාණ මැදිරියක්, නවීන ශ්‍රවණාගාරයක්, පුස්තකාලයක් ඇතුළු පසුකම් රැසකින් සමන්විත වෙයි.
මෙම තෙමහල් බහුකාර්ය ගොඩනැඟිල්ල පේෂකර්ම සහ ඇඟළුම් ක්ෂේත්‍රයට යොමුවන දරුවන්ට සහ වෘත්තිකයන්ට නවීන අධ්‍යන පරිසරයක් නිර්මාණය කරමින් ඔවුන්ට ජාත්‍යන්තරය වෙත පිවිසීමට මඟ විවර කරන අතර සිසුන්ගේ නවෝත්පාදන අධ්‍යනය, නිර්මාණාත්මක හැකියාවන් හා වෘත්තීය නිපුණතා වර්ධනය කර ගැනීමට අවස්ථාව උදාකරනු ඇත.
2024 වසරේදී ඉදිකිරීම් ආරම්භ කළ මෙම තෙමහල් බහුකාර්ය ගොඩනැඟිල්ල සඳහා රුපියල් මිලියන 520 ක් වැය කර තිබේ.
මෙහිදී අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කරන ලද්දේ, ඇඟළුම් ක්ෂේත්‍රය ශ්‍රී ලංකාවට අපනයන ආදායම් ගෙනඑන ප්‍රමුඛතම මාර්ගයක් වන බැවින් මෙම ක්ෂේත්‍රය තුළ සැපයුම්දාම ශක්තිමත් කරමින් කුසලතා සංවර්ධනය කිරීමට රජය කටයුතු කරන බවයි.





