මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසුවේ, සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අය විසින් දේශපාලඥයන් සමඟ ඇති සබඳතා සහ ඔවුන්ගේ සහයෝගයෙන් සිදු කළ කටයුතු පිළිබඳ තොරතුරු අනාවරණය කරමින් ඇති බවයි.
මෙම තොරතුරු ගැඹුරින් විමර්ශනය කර තහවුරු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් පවතින බවද ඔහු සඳහන් කළා.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයක් පිළිබඳව විමසූ විට, එය ඔහුගේ හෘද සාක්ෂියට අදාළ බව අමාත්‍යවරයා පැවැසීය.





