ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් පැමිණෙන ඕනෑම අවස්ථාවකදී, ඕනෑම කණ්ඩායමක් සමඟ එක්වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.

යහපාලන කාලයේ සිටම තමාට නඩු 10-15 ක් පමණ වැටුණු බවත්, එයින් හතක් අටක්ම නිදහස් වී ඇති බවත්, එම බොහෝ නඩු පවරා ඇත්තේ සාක්ෂි නිර්මාණය කරමින් බවයි අද (04) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

හොරු අල්ලනවා යැයි ආණ්ඩුව පැවසූ නිසා, දැන් හොරු අල්ලන විට ඔබට කුමක් සිතෙන්නේදැයි මාධ්‍යවේදීන් විමසා සිටි විට, කවුරුන් හෝ කෙඳිරිගෑමක් සිදු නොකරන බවත්, ‘කෙඳිරි ගාන අය දුටුවාද?’ යනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පිළිතුරු ලබා දුන්නා.