අමාත්‍ය නලින්ද ජයතිස්ස
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ, අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් රටට රැගෙන ආ අවස්ථාවේ කිසිදු ‘සංදර්ශනයක්’ සිදු නොකළ බවයි.
ඔහු සහ පොලිස්පති ගුවන් තොටුපොළට ගියේ මෙහෙයුමට සහාය දුන් ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන්ට ස්තූති දැක්වීමට බවද පැහැදිලි කළා.
මෙම අපරාධකරුවන් රටට රැගෙන ඒම නිසා නීතියට බිය විය යුතු අයෙකු නොමැති බවත්, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ කලබලය පිළිබඳව තමන්ට සිතන්න හැකි බවත් ඔහු ප්‍රකාශ කළා.





