2023 වසරේ බ්‍රිතාන්‍යයේ පැවති සිය බිරිඳගේ උපාධි ප්‍රධානෝත්සවයට සහභාගී වීම තුළින් රුපියල් ලක්ෂ 166 කට අධික රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් රනිල් වික්‍රමසිංහට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල ඊයෙ දින කැදවූ අතර නඩු විභාගයට පෙනී සිටීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියේය.

ඒ පිළිබදව ” ඇයි රනිල්ට නඩු දාන්න මෙච්චර උනන්දු? ” ‍යනුවෙන් මාධ්‍යවේදියෙකු විසින් අමාත්‍ය උපාලි පන්නිලගෙන් විමසන ලදී.
මේ සදහා උපාලි පන්නිල මහතා පිළිතුරු ලබා දුන්නේ ඒ අය හිටපු ජනාධිපතිවරුන්, ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් හෝ සාමාන්‍ය පුද්ගලයෙකු විය හැක නමුත් පුද්ගල විශේෂත්වයක් නැති බවයි.

කවුරුන් හෝ පුද්ගලයෙකු වැරදි සිදුකර ඇතොත් රජය දේශපාලන ව්‍යාපාරයක් විදියට මැදිහත් වන්නේ නැති බවත් එම විමර්ශන කිරීමට පවරනු ලැබ ඇති ආයතන විසින් එම කටයුතු සිදුකරනු ලබන බවත් වරතමාන රජය, ලොකු පොඩි බේදයකින් තොරව සියලුදෙනාටම සමානව සලකන ජනතාවාදි ආණ්ඩුවක් බවත් නීතිය ඉදිරියේ හැමදෙනාම සමානය යන්න ඔවුන්ගේ පිළිගැනීම බවත් උපාලි පන්නිලගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

එම සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube චැනලයෙන් දැන් නැරඹිය හැකිය.