“පුරවැසියා රෝහල හෝ ඩිස්පෙන්සර් එකකට යන යුගයකට වඩා, පුරවැසියා වෙනුවෙන් වග ගන්නා සෞඛ්‍ය කණ්ඩායමක් නිර්මාණය කිරීම අපේ අරමුණයි”
පසුගිය 19 වනදා කොළඹ BMICH හිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පරිපූරක සහ අතුරු වෛද්‍ය ක්ෂේත්රයන්හි නියුතු වෘත්තිකයින් 952 දෙනෙකුට ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා ප්රදානය කරන ලදී.
මෙම අවස්ථාවේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙසේ ප්‍රකාශ කරන ලද්දේ, රජයේ ප්‍රධාන බලාපොරොත්තුව ජනතාවට “ලස්සන ජීවිතයක්” උරුම කර දීම බවත්, සෞඛ්‍ය සේවාව එහි අත්‍යවශ්‍ය කොටසක් බවත්ය.
අමාත්‍යවරයා අවධාරණය කළේ, පසුගිය කාලයේදී රජය වැඩි අවධානය යොමු කරන ලද්දේ තෘතියික සහ ද්විතීයික රෝග සත්කාර පිළිබඳව වූවත්, වර්තමානයේ අභියෝග ජයගැනීම සඳහා ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බවයි.
ඉදිරියේදී ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන හඳුන්වා දීමෙන් ජනතාවට රෝග ප්‍රතිකාර පමණක් නොව, මානසික සෞඛ්‍ය, මුඛ සෞඛ්‍ය, බෝ නොවන රෝග, පුනරුත්ථාපන සහන සේවා ආදී සියලුම අංශ ආවරණය කරන සම්පූර්ණ සෞඛ්‍ය සේවාවක් ලබා දීමට රජය කටයුතු කරන බවත් අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>





