දිට්වා සුළිකුණාටුවෙන් සිදු වූ හානි සඳහා වන වන්දි ලබා දීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කිරීමට රජය දැඩි අවධානය යොමු කර ඇති බවත් මේ සඳහා රුපියල් බිලියන 500ක් වෙන් කර ඇති අතර 2026 අවසන් වීමට පෙර සියලු සංවර්ධන කටයුතු අවසන් කළ යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාරිනී හරිනි අමරසූරිය ප්‍රකාශ කරන ලදී.
අරලියගහ මන්දිරයේ පැවති Rebuilding Sri Lanka වැඩසටහනේ සාකච්ඡාවේදී, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් සහ මහජන නියෝජිතයින්ට දැනුවත් කරමින්, අපදා සහන සහ වන්දි ලබාදීම් කඩිනම් කිරීමත්, යටිතල පහසුකම්වල හානි කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමත් අරමුණ කරගත් බව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.
අපදා සහන හා ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කිරීම රජයේ ප්රමුඛ අරමුණක් බවත්, ජනතාව නැවත පදිංචි කිරීම සහ නව නිවාස ඉදිකිරීම සඳහා අවශ්‍ය ඉඩම් සහ වාර්තා කඩිනමින් ලබා ගැනීමත් අත්‍යවශ්‍ය වගත් එතුමිය වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.





