අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කරන ලද්දේ, පාසල යනු දරුවෙකුට ආදරය සහ රැකවරණය ලබා දෙන විශ්වාසදායක තැනක් බවට පත් කළ යුතු අතර, යහපත් මනෝ සමාජීය පරිසරයක් නිර්මාණය කිරීමේ වගකීම අධ්‍යාපන පද්ධතියේ සියලුම නිලධාරීන්ට තිබෙන බවයි.
2026 අප්‍රේල් 20 දින පැවති ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයේදී ශිෂ්‍ය උපදේශන හා වෘත්තීය මාර්ගෝපදේශ ඒකක (C2 Centers) පිහිටුවීම, සහ නව උපදේශන-මාර්ගෝපදේශ සංග්‍රහය එළිදැක්වීම සිදු විය.
මෙම වැඩසටහන අධ්‍යාපන අමාත්‍යාංශය සහ Room to Read Sri Lanka ආයතනය එක්ව සංවිධානය කර ඇති අතර, ශිෂ්‍ය උපදේශන ගුරුවරුන්ගේ ධාරිතා සංවර්ධනය, සිසුන් ගැටලුවලට පෙලඹීම වළක්වාලීම, දෙමාපිය සහයෝගීතාව වර්ධනය කිරීම, සහ 21 වන සියවසේ නිපුණතා අධ්‍යයනය සඳහා මොඩියුල සහ අත්පොත් සකස් කර ඇත.
මෙහිදී අග්‍රාමාත්‍යවරිය අවධාරණය කරා ලද්දේ, අධ්‍යාපනය මගින් සමාජය වෙනස් කරන යහපත් පුරවැසියන් බිහි කිරීමේ වගකීම රජයට තිබෙන බවත්, මෙම වැඩසටහනෙන් සිසුන්ට තම අනාගත සිහින කරා යාමට අවශ්‍ය මංපෙත් විවර කරන බවත්ය.





