ශබ්ද කෝෂයේ තියෙන අවලස්සනම වචන දෙක ජාතිවාදය සහ අන්තවාදය බව පවසමින් රටේ කිසිදු බෙදීමකට ඉඩ නොදෙන බවත් අපේ රටේ ජාතික සමගිය රටේ ගොඩනැගීමේ ප්‍රධානම ශක්තිය වර්තමාන රජය විසින් ගොඩනගන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරන ලදී,
ඒ “ගොඩනඟමු ශ්‍රී ලංකා” තේමාව යටතේ අද (04) දින පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අභිමානවත් 78 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල අමතමිනි.
ජනපති වැඩිදුරටත් ප්‍රකාශ කරන ලද්දේ ජාතිවාදය සහ අන්තවාදය විසින් විය හැකි වන්නේ අප සතුව තිබෙන ශක්තියෙන් අපි ස්වයංවම විනාශ කර ගැනීමක් බවත් ජාති , ආගම් , භාෂා , සංස්කෘතීන් ආදී වෙනස්කම් වලට ගරු කරමින් සියළු ජන කණ්ඩායම් වල අනන්‍යතාවය පිළිගෙන එහෙත් ශ්‍රී ලාංකේය ජාතිය ලෙස කල්පනා කරන නව පරිවර්තනයේ යුගයක් අවශ්‍ය බවත්ය.
එම ප්‍රකාශය අපගේ ‘webnews’ youtube චැනලයෙන් නරඹන්න >>>>>>




