ආර්ථිකය රඳා පවතින්නේ ධනාත්මක සාධක සංඛ්‍යා දත්ත වලින් පමණක් නොව එහි ප්‍රධාන වැදගත් කාර්ය ආර්ථිකය අත්පත් කරගන්නා ජයග්‍රහණ පතුලේම ඉන්න ජනතාව කරා ගලාගෙන යාම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරන ලදී.
ඒ 2025 වසරෙහි ආර්ථික සාධකයන්ගේ ශක්තිමත් ජයග්‍රහණය සහ ස්ථාවරයද සංඛ්‍යාත්මකව පෙන්වා දෙමිනි.
ආර්ථිකයේ ප්‍රධානම ජයග්‍රාහී හැරුම වන්නේ ආර්ථිකයේ ඉහළ තලයේ උපයාගන්නා සක්‍යතාවයන් ඈත ගමේ පහළම පුරවැසියාගේ ජීවිතය උසස් කර ජීවිතය පහසු කිරීම බව පවසමින්,
ජනපති වැඩි දුරටත් ප්‍රකාශ කරන ලද්දේ යළි ගොඩනැගෙන ශ්‍රී ලංකාවේ අභිප්‍රාය ආර්ථිකයේ පහළම ජන කණ්ඩායම දක්වා ප්‍රතිලාභ ගලාගෙන යන නව ශ්‍රී ලංකාවක් ගොඩනැගීම වගයි.
ඊයේ (04) දින අභිමානවත් 78 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙලෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදුකරන ලද එම ප්‍රකාශය,
අපගේ ‘webnews’ youtube චැනලයෙන් නරඹන්න >>>>>>



