“ගොඩනඟමු ශ්‍රී ලංකා” තේමාව යටතේ අද (04) දින පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අභිමානවත් 78 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල පැවැත්වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනි.

”රට ගොඩනැගිම සදහා තිර අදිටනකට එන්නේ නම්, අපේ මානව සම්පත ලොව ඕනෑම ජාතියක් සමග ගැටී ජයගතහැකි වන මානව සම්පතක් බවට පරිවර්තනය කළ යුතුයි.”

මෙසේ ජාතික නිදහස් උත්සවය අමතමින් ජනපති ප්‍රකාශ කරන ලද්දේ සාරවත් දේ මත යළි රට ගොඩනැගිම සැමගේ වගකීමක් බවත් රට යළි ගොඩනැංවීම සදහා ඇති හැම සම්පතකට වඩා අපගේ මානව සම්පත මුල්තැන ගන්නා බවත්ය.

දැනුම,ප්‍රගතින්, සමගිය පෙරටුකරගත් නව මානව සම්පතක් අප නිර්මාණය කරගත යුතු බව මෙන්ම එහිදී කලාව, සාහිත්‍ය, ඉතිහාසය, නවීන තාක්ෂණය හා අධ්‍යාපනයද එම පරිවර්තනය සදහා යොදාගත යුතු වගත් ජනපති පෙන්වා දෙන ලදී.

එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලද්දේ පරිවර්තනීය කා‍ර්යභාරය ඉටුකිරිමට රජය සුදානම් අතර ඒ සදහා රටෙි පොදුජනයාගේ සහයෝගය ලැබෙන බව විශ්වාස කරන වගයි.

එම ප්‍රකාශය අපගේ ‘webnews’ youtube චැනලයෙන් නරඹන්න >>>>>>