වසර 11 කට පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතූ විදේශ රාජ්‍ය නායකයා ලෙස ඉතිහාසයට එක්වෙමින්, අද (08) දින පෙරවරුවේ වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් (TO LAM) මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතන ලදී.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට පැමිණි අවස්ථාවේදී, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය විසින් උණුසුම් පිළිගැනීමක් සිදු කරන ලදී.
අනතුරුව ජනාධිපති ටෝ ලාම් මහතා අමුත්තන්ගේ සමරු සටහන් පොතේ අත්සන් තැබූ අතර, කථානායකවරයා සමඟද සුහද කතාබහක නිරත විය.
එසේම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ජනාධිපති ටෝ ලාම් මහතාගේ පාර්ලිමේන්තු ආමන්ත්‍රණය පිළිබඳව ස්තූතිය පිරිනමමින් මෙහිදී අදහස් දැක්වූහ.





