ඊයේ (06) දින කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ “ගොවිජන මන්දිර” පරිශ්‍රයේ නව ළමා සුරැකුම් මධ්‍යස්ථානය විවෘත කරන ලදී.මෙම මධ්‍යස්ථානය සඳහා අවශ්‍ය උපකරණ සහ භාණ්ඩ ලබා දෙන ලද්දේ සමස්ත චීන කාන්තා සම්මේලනයේ ප්‍රදානයක් ලෙසයි.

මෙම අවස්ථාවට සහභාගී වූ අමාත්‍ය ලාල් කාන්ත මහතා, දරුවන් රැක බලා ගැනීමේ සමාජීය වගකීම පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.ඔහු සඳහන් කළේ, දරුවන්ගේ රැකවරණය තනි ගෙවල් තුළ පවත්වන කාර්යයක් ලෙස නොව, සමාජීය වගකීමක් ලෙස සලකන අවශ්‍යතාවය පිළිබඳවය.

දරුවන් සමාජයට අයිති වන අතර ඔවුන්ගේ රැකවරණය පුහුණු වූ, අධ්‍යාපනය ලැබූ, වෘත්තීය මට්ටමේ අය විසින් සිදු කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූයේ, තනි ගෙවල් තුළ දරුවන් නඩත්තු කිරීම දරුවන්ට හෝ දෙමව්පියන්ට සාධාරණයක් නොලැබෙන වගත්, අනාගතය සඳහා අවශ්‍ය සම්පූර්ණ ආරක්ෂාව එම ක්‍රමයෙන් ලබාගත නොහැකි වගත්ය.

ඔහු යෝජනා කළේ “දිවා සුරැකුම් මධ්‍යස්ථානය” යන නාමය වෙනස් කර “දරුවන් සුරැකුම් මධ්‍යස්ථානය” ලෙස හැඳින්විය යුතු බවත්, රාත්‍රී කාලය තුළ වැඩ කරන කාන්තාවන්ගේ දරුවන්ටත් මෙවන් සේවාව අවශ්‍ය බවත්ය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>