පාර්ලිමේන්තුව ඔක්තෝබර් 07 වැනි අඟහරුවාදා සිට 10 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර පවසනවා.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී එම පාර්ලිමේන්තු කටයුතු තීරණය කළ බවයි සඳහන් වන්නේ.
ඔක්තෝබර් 07 වැනි අඟහරුවාදා : ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම විවාදය.
ඔක්තෝබර් 08 වැනි බදාදා : ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ පරිපුරක ඇස්තමේන්තුව විවාදයට ගෙන සම්මත කරගැනීම.
ඔක්තෝබර් 09 වැනි බ්‍රහස්පතින්දා : පෙ.ව 11.30 සිට ප.ව. 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය විසින් ගෙන එනු ලබන සභාව කල් තැබීමේ විවාදය.
ඔක්තෝබර් 10 වැනි සිකුරාදා : පෞද්ගලික මන්ත්‍රී යෝජනා 08 ක් විවාදයට ගැනීම.






