මාතර, වල්ගම උතුර ප්රදේශයේ නිවසක් තුළදී තියුණු ආයුධයකින් පහරදී යුද හමුදා නිලධාරියෙකු ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි. අද අලුයම මෙම සිදුවීම වාර්තා වී ඇති අතර, ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්රදේශයේම පදිංචි 39 හැවිරිදි යුද හමුදා නිලධාරියෙකි.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගිය නිලධාරියා සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයා අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම අපරාධය සිදුව ඇති බවයි. සැකකාර වැඩිමහල් සහෝදරයා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවට පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකාර වැඩිමහල් සහෝදරයා මාතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අපරාධයට හේතු වූ කරුණු අනාවරණ කරගැනීම සඳහා ඉදිරි විමර්ශන ක්රියාත්මක කර ඇත.
