උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සමඟ මෙම සතියේදී චීනයේදී හමුවක් පැවැත්වීමට ඉඩ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. පිලිපීනය සහ චීනය බලා පිටත්ව යාමට පෙර ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු මේ බව සඳහන් කළ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

උතුරු කොරියානු නායකයා මෙම හමුවට සහභාගී වීම සම්බන්ධයෙන් අවසන් තීරණය චීන ජනාධිපති ෂී ජින්පින් මත රඳා පවතින බව ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත. කෙසේ වෙතත්, යෝජිත හමුව පිළිබඳව උතුරු කොරියාව මෙතෙක් කිසිදු නිල ප්‍රතිචාරයක් දක්වා නොමැති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

මේ අතර, චීනයේ පැවැත්වෙන ආසියා පැසිෆික් ආර්ථික සහයෝගීතා (APEC) සමුළුවට සමගාමීව අමෙරිකානු, රුසියානු සහ චීන ජනාධිපතිවරුන් අතර පැවැත්වීමට නියමිත හමුව ගෝලීය කටයුතු කෙරෙහි විශාල බලපෑමක් ඇති කරනු ඇති බව ක්‍රෙම්ලිනය පවසයි. න්‍යෂ්ටික නිරායුධකරණය, ඉරානය, යුක්රේනය මෙන්ම වෙළෙඳ හා ආර්ථික කටයුතු සම්බන්ධයෙන් එම සාකච්ඡාවලදී අවධාන