ඉන්දියාවේ උත්තරාඛන්ද් ප්‍රාන්තයේ ගුලාර් බසාර් ප්‍රදේශය ආසන්නයේදී බස් රථයක් අඩි 300ක් පමණ ගැඹුරු ප්‍රපාතයකට පෙරළී යාමෙන් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම අනතුරින් තවත් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

අනතුර සිදුවීමත් සමඟ ප්‍රාන්ත ආපදා ප්‍රතිචාර බලකායේ කණ්ඩායම් ක්ෂණිකව එම ස්ථානයට යොමු කර ඇත. මේ වන විට අනතුරට පත් බස් රථයේ සිටි මගීන් මුදා ගැනීම සහ සහන සැලසීම සඳහා අදාළ කණ්ඩායම් විසින් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් පවතින බව සඳහන් වේ.