කුරුණෑගල සිට මාතලේ දෙසට යතුරුපැදි දෙකකින් ගමන් කරමින් සිටි මිතුරන් දෙදෙනෙකු යටවත්ත ප්‍රදේශයේදී සිදුවූ අවාසනාවන්ත රිය අනතුරු දෙකකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. මාතලේ යටවත්ත වීර පරාක්‍රම විද්‍යාලය අසල බුදු මැදුරේ යතුරුපැදියක් ගැටීමෙන් ප්‍රථම අනතුර සිදුව ඇත.
එම අනතුරින් බරපතළ තුවාල ලැබූ 28 හැවිරිදි පෞද්ගලික අංශයේ සේවයේ නියුතු තරුණයා, පිටුපසින් පැමිණි ඔහුගේ මිතුරා විසින් ත්‍රිරෝද රථයකින් රෝහල්ගත කර තිබේ. අනතුරුව, තුවාලකරු රැගත් ත්‍රිරෝද රථය පසුපසින් තවත් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අනෙක් මිතුරා යටවත්ත ඇහැටුවැව ප්‍රදේශයේදී ඉදිරියෙන් පැමිණි කාර් රථයක සහ විදුලි කණුවක ගැටී අනතුරට ලක්ව ඇත.
මෙම දෙවන අනතුරින් යතුරුපැදිය පැදවූ 24 හැවිරිදි විශේෂ කාර්ය බලකා නිලධාරියා එම ස්ථානයේදීම මියගොස් තිබේ. මීට අමතරව, මුලින් අනතුරට ලක්ව රෝහල්ගත කළ 28 හැවිරිදි තරුණයාද ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් මාතලේ යටවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
