ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ලාෆ්ස් ගෑස් සමාගමේ ප්‍රධානීන්ට හෙට (18) පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

මේ අතර, ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් වෙළෙඳ ඇමති වසන්ත සමරසිංහ මහතා අද (17) හමුවීමට නියමිත බව වාර්තා වේ.ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත ඊයේ (16) කැඳවා තිබුණි. ඒ අනුව, ලාෆ්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාව සඳහා සහභාගී වූහ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා, අධ්‍යක්ෂ මණ්ඩලය, මිල කළමණාකරණ අධ්‍යක්ෂවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.