” මම ඒක (ටෙන්ඩරය) බාරගත්තා කියලා යවනවා බී. ඕ. සී. එකට. එතැන සී බී එකේ දෙන්නෙයි අපේ එක්කෙනෙකුත් ඉන්නවා. එතැනදි ටෙන්ඩරය ඕපන් කරනවා. ඒ අතරෙ අපට ලක්විජය එකෙන් එනව රික්ව‍ර්මන්ට් එක අවශ්‍යතාව කොච්වරද කියලා… “

ටෙන්ඩර් අයදුම්පත් ලැබීමේ සිට ටෙන්ඩ‍ර් සැපයුම ලංසුකරුවකුට ප්‍රදානය කිරිම දක්වා ක්‍රියාවලිය පිළිබදව ගල් අඟුරු සමාගමේ සහාපති විසින් දී‍ර්ඝ කරුණු දැක්වීමක් සිදුකරන ලදි.
විධිමත් ක්‍රමයකට අනුව සිදුකෙරුණු ගල් අඟුරු මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට එරෙහිව කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව පැහැදිලිය.

මේ අනුව දීර්ඝ කාලයක් තිස්සේ ගල් අඟුරු සැපයීමේ ක්‍රියාවලියේ පසුපස සිටි දුෂිතයන් සමුහයක් සිය වංචනික කූට ව්‍යාපාරය අහිමිවීමේ වේදනාවෙන් සිදුකරන අති දැවැන්ත කුමන්ත්‍රණයක කොටස්, රට ඉදිරියේ දිගහැරෙමින් පවතී.

පාර්ලිමේන්තු විවාද, මාධ්‍ය හමු, රුපවාහිනී වැඩසටහන්, පුවත්පත් ලිපි හරහා කරලියට පැමිණෙන්නේ මෙම කුමන්ත්‍රණයේ කොටස් කරුවන්ය.
ගල් අඟුරු සැපයුම සම්බන්ධව මහා වංචාවක් ඇතැයි කියමින් සමාජය නොමග යවන්නට හදන්නේ කවුරුන්ද? ලංකාවට මේ දක්වා ගල් අඟුරු සැපයිමේ කොන්ත්‍රාත්තුව භාරගෙන සිටි යම් චෞර කණ්ඩායමක් මේ පිටුපස සිටීද?

සම්පූර්ණ විස්තරය අපගේ ‘webnews’ youtube චැනලය හරහා දැන් නැරඹිය හැකිය.