ඊයේ (17) දින පැවැති රජයේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍ය වාර්තාකරුවන් විසින් අමාත්‍ය විජිත හේරත්ගෙන් විමසන ලද්දේ අශෝක රන්වල අමාත්‍යතුමා සම්බන්ධ සිද්ධිය හා අමාත්‍ය කුමාර ජයකොඩිගේ සිද්ධිය පිළිබදවයි
නමුත් අමාත්‍ය විජිත හේරත් පැවසූයේ, අමාත්‍ය අශෝක රන්වලගේ සිදුවීමේදී ඔහුගේ නිවැරැදි භාවය තහවුරු කරගැනීමට නොහැකි වූ නිසා රජය සම්පූර්ණයෙන්ම සාධාරණ ක්‍රියාමාර්ග ගත් බවත් අමාත්‍ය කුමාර ජයකුඩි සම්බන්ධයෙන් ඔහු නිරදෝෂී බවත් කිසිදු වංචාවක් සිදු නොකළ බවත්ය.
එසේම ඔහුගේ සාධාරණත්වය තහවුරු කිරීමට රජය සූදානම් බවත් විපක්ෂය ඉදිරියේදීත් කරුණු ඉදිරිපත් කිරීමට සූදානම් බවත් අමාත්‍යවරයා අවධාරණය කරන ලදී.
මෙම සියලු චෝදනා සම්බන්ධයෙන් තීරණ ගන්නා අය රජය නොව, ස්වාධීන කොමිසම බවත් ඕනෑම කෙනෙකුට පැමිණිලි කිරීමට හැකි අතර, විගණන වාර්තා පරීක්ෂා කර නිර්දේශ ලබා දීමට කොමිසමට හැකියාව ඇති බවත් ඔහු සඳහන් කරන ලදී.
අවසානයේ අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලද්දේ රජය කිසිදු කටයුත්තක් සඟවා නොමැති බවත්, විනිවිද පෙනෙන ආකාරයෙන් උපරිම සාධාරණත්වය ඉටු කරන බවත්ය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>





