2026 ඔක්තෝබර් වන විට සංචාරක ක්ෂේත්රයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.3ක ආදායමක් උපයා ගැනීමට හැකි වී ඇති බව අමාත්‍ය විජිත හේරත් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ආර්ථික බිඳවැටීම, නීතියේ ආධිපත්‍යය දුර්වල වීම සහ මානව හිමිකම් ගැටලු හේතුවෙන් ජාත්‍යන්තරව අපකීර්තියට පත්ව තිබූ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය යළි ගොඩනැඟීමේ වගකීම වත්මන් රජය ඉටු කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පසුගිය වසරේදී සංචාරකයන් මිලියන 2.36ක් පමණ මෙරටට ගෙන්වා ගැනීමට හැකි වූ බවය. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ගුවන් ගමන්වලට බාධා එල්ල වී ලොව බොහෝ රටවල සංචාරක කර්මාන්තය දුෂ්කරතාවන්ට මුහුණ දෙන පසුබිමක වුවද, ශ්‍රී ලංකාව සාර්ථක ප්‍රගතියක් පවත්වාගෙන යන බව ඔහු කීවේය.
2026 වසරේ සංචාරක පැමිණීම ලක්ෂ 20 ඉක්මවා ගොස් ඇති බව සඳහන් කළ විජිත හේරත් මහතා, වත්මන් පැමිණීමේ වේගය අනුව 2026 වසරේදී පසුගිය වසරේ වාර්තාද ඉක්මවා සංචාරකයන් මිලියන 2.4කට ආසන්න සංඛ්‍යාවක් පැමිණීමේ හැකියාව පවතින බවද පෙන්වා දුන්නේය. රටේ ජාත්‍යන්තර ප්‍රතිරූපය යළි ශක්තිමත් කරමින් ආර්ථික ප්‍රගතිය වේගවත් කිරීමට රජය ගන්නා උත්සාහයේ ප්‍රතිඵල මෙම දත්ත මඟින් පිළිබිඹු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.




