“ඔබ කියන දේවල් ඔප්පු කරන්න මේ අවස්ථාව භාවිතා කරන්න.”

ඊයේ (17) දින පැවැති රජයේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙසේ පැවසූයේ, ලක්ජය ගල්අඟුරු බලාගාරයට ගල්අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලී ආරම්භ වූ තැන සිට සිදුකළ ගනුදෙනු පිළිබඳව සම්පූර්ණ පරීක්ෂණයක් දැනටමත් ආරම්භ කර ඇති බවයි.

මෙම පරීක්ෂණය සඳහා ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමක් පත්කර ඇති අතර, එය සක්‍රිය සේවයේ යෙදෙන විනිෂ්කාරකාරුන්ගෙන් සමන්විත බවත් එතුමා පැහැදිලි කරන ලදී.

අදාළ කාලයේ හිටපු අමාත්‍යවරුන්ටත් තමන්ගේ කාලයේ ගත් තීරණ පිළිබඳව සාක්ෂි ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී ඇති බවත් ඔහු අවධාරණය කළේය.

අමාත්‍ය ජයතිස්ස වැඩිදුරටත් පැවසූයේ, රජයට එල්ල කර ඇති චෝදනා සනාථ කිරීමට අවශ්‍ය නම්, ඒවා නිවැරදිව ඔප්පු කිරීමට මේ විමර්ශන කමිටුව භාවිතා කළ හැකි බවයි.

මාසයක් කාලයක් ලබා දී ඇති අතර, එම කාලය තුළ සියලුම පැමිණිලි හා සාක්ෂි ඉදිරිපත් කළ හැකි බවත් ඔහු සඳහන් කළා.

ඔහු අවසන් වශයෙන් ප්‍රකාශ කරන ලද්දේ, රජය කිසිවක් සැඟවී නොව, විනිවිද පෙනෙන ආකාරයෙන් සත්‍යය සහ සාධාරණය ඉදිරිපත් කිරීමට සූදානම් බවයි.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>