ඊයේ (17) දින පැවැති රජයේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍ය උපාලි පන්නිල මහතා පැවසූයේ, කුමාර ජයකුඩි අමාත්‍යතුමා ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කර තිබෙන බවයි.
ඔහු අවධාරණය කළේ, එම ඉල්ලා අස්වීමේ තීරණය ගනු ලැබූයේ ස්වාධීන විමර්ශනයකට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම සඳහා බවත්, වෙනත් කිසිදු හේතුවක් නිසා නොව බවත්ය.

අමාත්‍ය පන්නිල වැඩිදුරටත් පැවසූයේ, මේ වන විට ගල් අඟුරු ආනයනය සම්බන්ධයෙන් විශාල විමර්ශන ක්‍රියාවලියක් සිදුවෙමින් පවතින බවයි.
විපක්ෂයේ අදහස්, ආණ්ඩු පක්ෂයේ අදහස් සහ කෝප් කමිටුවේ ඉල්ලීම මත නිකුත් කළ විශේෂ විගණන වාර්තාවත් ජනතාවට දැන් කියවගැනීමට හැකි බව ඔහු සඳහන් කරන ලදී.

ඊට අමතරව ජනාධිපතිතුමා විසින් විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කර ඇති බවත්, එය ඉතා කෙටි කාලයකින් වැඩ ආරම්භ කරන බවත් අමාත්‍ය පන්නිල ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා පැවසූයේ, මෙම විමර්ශන කමිටුව ජනතාවට, විපක්ෂයට සහ ඕනෑම කෙනෙකුට තම අදහස්, තොරතුරු සහ සාක්ෂි ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙන බවයි.

ගල් අඟුරු ආනයනය පිළිබඳව 2008 වර්ෂයෙන් පටන් ඇති උත්සාහයන් සහ ගනුදෙනු පිළිබඳවද ගැඹුරු විශ්ලේෂණයක් සිදු කරන අතර එම විමර්ශනය නිදහසේ සිදු කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා කුමාර ජයකොඩි අමාත්‍යතුමා ඉල්ලා අස්වීමේ තීරණය ගත් බවත් අමාත්‍යවරයා පැහැදිලි කරන ලදී.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>